ජනපතිගේ ඇඟට ලේ උනපු ජොනීගේ සැර කතාව

Published in පුවත්
Sunday, 16 January 2022 14:52

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස15 වන දින ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ කතාව සම්බන්ධයෙන් එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ජොන්ස්ටන්ගේ කතා ඇහුවාම අපේ ඇඟට ලේ උනනවා යැයි පවසමින් එය අගේකර තිබිණි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ කතාව,

''අතිගරු ජනාධිපතිතුමාට සහ සහකරු සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ට මෙම අධිවේගී මාර්ගය විවෘත කරන්න අද දින පැමිණීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා . ඔබතුමන්ලා දෙපළගේ පැමිණීම අපට ලොකු ශක්තියක් . පසුගිය ජනවාරි මස පළමුවනදා එක් මන්ත්‍රීවරයෙක් කිව්වා ජනවාරි 15 වෙද්දි මේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා . නමුත් ඔවුන්ට නිම කරන්නට බැරි වූ මෙම අධිවේගී මාර්ගය අපි නිම කරලා අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 15 වන අද දින ජනතාව වෙනුවෙන් විවෘත කළා . 2014 වසරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට රටේ ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කුරුණෑගල , ගලගෙදර , රඹුක්කන සහ ගලේවෙල යන ප්‍රදේශ වල මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා මුල් ගල තැබුවා.

2015 බලයට ආපු යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පළිගන්න මෙම අධිවේගී මාර්ග ඉදිකිරීම නතර කළා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ පාරවල් හදන්න ඇස්තමේන්තු සකස් කරද්දී කිව්වේ රත්තරං වලින් ඒ ඇස්තමේන්තු වලට පාරවල් හදන්න පුළුවන් කියලා . රුපියල් ලක්ෂ 25000 කට එක කිලෝමීටරයක් සෑදීම සදහා මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ලබා දීපු තිබූ කොන්ත්‍රාත්තුව අවලංගු කර කිලෝමීටරයක් සෑදීම සඳහා රුපියල් ලක්ෂ 35,000 නැවත කොන්ත්‍රාත් ලබා දුන්නා. මෙහෙම තමයි යහපාලනය වංචා කළේ.

එක් කිලෝමීටරයක් වැඩිපුර රුපියල් ලක්ෂ 10,000 කට තමයි ලබා දුන්නේ ..ඒ වගේම කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් එක් කිලෝමීටරයක් වැඩිපුර ලක්ෂ 15,000 කට තමයි හදන්න දිලා තිබුනේ .නමුත් ඔවුන්ට අවුරුදු 4 අවසන් වන තෙක් මේ කොටසේ වැඩ ආරම්භ කරන්න නොහැකි වුනා . පරීක්ෂණ කරනවා යැයි කිය කියා බොරු සාක්ෂි හදලා, නඩු දාලා , ජනතාවට සරුංගල් පෙන්නලා යහ පාලනය කළේ හොරකම විතරයි. මහබැංකු වංචාවට වඩා වැඩි වංචාවක් ඔවුන් මේ අධිවේග මාර්ග වලින් කරලා තිබෙනවා. ඔවුන් වැඩකාරයෝ කියලා පම්පෝරි ගැහැව්වා ට ඔවුන් අදක්ෂයින් . ඔවුන්ට වැඩ බැහැ . නමුත් ඔවුන්ගේ හොරකම් වල නම් අඩුවක් තිබුණේ නැහැ.

හිටපු මහාමාර්ග අමාත්‍යවරයෙකු විසින් සමාජ ජාලා වලට හදලා දාපු වීඩියෝ එකේ අපි දැක්කා, එයා අනුනායක ස්වාමීන් වහන්සේලාව අධිවේගී මාර්ගයට වඩම්වලා මහනුවරට පාර හදනවා කිව්වා. නමුත් ඒ වෙද්දි මහනුවරට පාර හදන්න දීලා තිබුනේ නැහැ. ඔවුන් මොන තරම් බොරු කිව්වා ද කිවහොත් අතිපූජනීය අති පූජනීය මහා සංඝරත්නය අධිවේගී මාර්ගය හදන තැනට ගෙන්නලා බොරු කරන්න පුළුවන් ඇමතිවරු තමයි එදා හිටියේ . අපිට ඔවුන් ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. පොතුහැර සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ග සෑදීමට මුල්ගල තබන ලද්දේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි.

පොතුහැර සිට රඹුක්කන දක්වා ඉදිකිරීම් මේ වන විට දේශීය සමාගමකට බාර දී අවසන් . දේශීය කොන්ත්‍රාත් කරුවන් නගා සිටුවීම, ඔවුන්ට ඉදිකිරීම් ක්ෂේත්‍ර වල ප්‍රමුඛතාව ලබාදීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් වෙනවා. කුරුණෑගල සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි දින 30 ඇතුළත ආරම්භ කරන්න අතිගරු ජනාධිපතිතුමා අද මට උපදෙස් ලබා දුන්නා . මේ වගේ සෘජු තීන්දු තීරණ ගැනීම තමයි අපේ නායකත්වයේ සුවිශේෂ ලක්ෂණය. අපේ අතිගරු ජනාධිපතිතුමාව නවන්න බැහැ. ඒ නිසා ඔහුට විපක්ෂය මඩ ප්‍රහාර දියත් කරනවා. විපක්ෂය හදන්නේ හදන්නේ මඩ ගහලා අපේ ජනාධිපතිතුමාව පන නැති නායකයකු බවට පරිවර්තනය කරන්න ..එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට පහර දුන්නාට වඩා වැඩියෙන් අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ රජයට විපක්ෂය පහර පිට පහර දෙනවා. නමුත් ඔවුන්ට අපේ ජනාධිපතිතුමා සහ අපගේ රජය වට්ටන්න බැහැ. අපේ රැකව ජිනරතන ස්වාමීන් වහන්සේ අනුශාසනාවේ දී සඳහන් කළා ගරු ජනාධිපතිතුමනි ඔබතුමා බය නැතුව රටට වැඩ කරන්න , රට වෙනුවෙන් සෘජු නිවැරැදි තීන්දු තීරණ ගන්න . ඒ වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නය ඔබතුමාගේ පැත්තේ හිට ගන්නවා..

මේ මහ පොළොව ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න නායකත්වය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි . එන්නත් කරණය තුලින් කෝවිඩ් වසංගතය හමුවේ මේ රට බේරගන්න නායකත්වය ලබාදුන්නේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි .එතුමා පහුගිය අවුරුදු දෙක තුළ තුළ දේශපාලනය කළේ නැහැ . එතුමා පහුගිය අවුරුදු දෙකේ කලේ එන්නත් ලබා දීලා ජනතාව කොවිඩ් සංගතයෙන් මුදාගන්න කටයුතු කරපු එක. අපේ ජනාධිපතිතුමා එන්නත් දීලා ජනතාව බේරගන්න හදද්දි විපක්ෂ නායකවරයා කළේ ප්ලැකනිල දෙන්න කියපු එක. අපි ජනතාවට කියනවා අපේ අතිගරු ජනාධිපතිතුමා දූරදර්ශී නායකයෙක් ඉදිරියේදී මේ රට දියුණු කරනවා .

පසුගියදා මම කිව්වා කොළඹ 7 ගෑස් පුපුරන්නේ නැහැ කියලා , කුරුණෑගල මහනුවර යාපනය වැනි දිස්ත්‍රික්ක වල ගෑස් පිපිරෙන්නේ නැහැ කියලා . කිව්වාදාට පහුවෙනිදා මගේ වෙලංගොල්ල වත්ත ලඟ ගෑස් ටැංකියක් පිපිරුණා. මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්න මම පොලිස්පතිතුමාට නියෝග කළා. ලංකා ඉතිහාසයේ තම දේශපාලන අරමුණු වෙනුවෙන් මහා සංඝරත්නය සහ අහිංසක ජනතාව ඝාතනය කළ අය හිටියා ..ඒ වගේම අදත් ඔවුන් සිටිනවා. එම නිසා මෙම පිපිරීම් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කළ යුතුයි. හය තුනට බස ගත්ත කෙනෙක් දැන් ෆේස්බුක් එකේ රටේ මීලග ජනාධිපතිවරයා විදිහට පෙනී සිටිනවා . අපේ ගම්වල කිසිම කෙනෙක් දිසානායක මහත්තයා පස්සේ ගිහිල්ලා ඔහුව ජනාධිපති කරවන්න සූදානම් නෑ . අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දුන් 69 ලක්ෂය සූදානම් එතුමාව රකින්න.

මේ රට දූෂණයෙන් තොරව පාලනය කරනවා කියලා ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා . ඒ නිසා ඔබතුමාට ගහනවා . ඔබතුමා අභියෝගයක් නිසා ඇතුලෙනුත් ගහනවා පිටිනුත් ගහනවා . මේක අපිට අලුත් දෙයක් නොවේ. කවුරු කොහොම මොන විදියට ගැහුවත් එදත් අදත් හෙටත් අපි ඔබතුමාව රකිනවා ඔබතුමා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.

 

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us