subash
ඉදිරියේ දී අපේ රටේ රබර් වගාව ද වන වැස්මට ඇතුළත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් වාර්තා වේ.
සති අන්ත දිර්ඝ නිවාඩුවේන් රට උපයාපු අදායම කෝටියකට ආසන්නයි !
ඉකුත් සති අන්ත දිර්ඝ නිවාඩුවේ දී මෙරට උද්‍යාන නැරඹීම සඳහා පැමිණි දේශීය විදේශීය සංචාරකයින් ගෙන් කෝටියකට ආසන්න ආදායමක් උපයා ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීම කුමක්දැයි ජනපති කියලා දෙයි
රටේ සෑම දෙයක්ම රාජ්‍ය සේවය මත රඳා පවතින හෙයින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බව ජනාධිපතිතුමා සියලුම කැබිනට් ලේකම්වරුන් අමතමින් සඳහන් කර තිබෙනවා. නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් කිරීම සම්බන්ධයෙන් එම පත්වීම් ලිපිය, ජනාධිපතිවරයා විසින් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී භාර දෙනු ලැබු අවස්ථාවේදී මෙම අදහස් පළ කර ඇත.
මාර්ග තදබදයට තිත තැබීමට තවත් නව ගුවන් පාලම් 4කට කැබිනට් අනුමැතිය !
නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වේ.
ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ, ඉන්ධන ගොඩබෑම මේ වන විට ආරම්භ කර තිබේ.
ගාමිණි සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයේ වැඩ භාරගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාලය ඉවර කළේ කවුද? ඉතිහාසයේ ලියවෙන නම කාගෙද?
මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ආරම්භ කළ වැඩ පිළිවෙළ දිගටම ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් පවසා තිබෙනවා.
ශ්‍රි ලංකාව සිය ඉතිහාසයේ දුෂ්කර පරිචේදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ අද දින සිදු කළ ප්‍රකාශය මෙම මොහොතේ වඩාත්ම සාධාරණ කතාවක් මෙන්ම මන්ත්‍රීවරුන් හමුවේ කළ ඉල්ලීම සාධාරණ බවත් පැවැසිය යුතුය.
රට ගොඩනගන්න ආණ්ඩුව සමඟ එකතුවෙන්නැයි සියළු මන්ත්‍රීන්ට ජනපතිගෙන් ඉල්ලීමක්.
ගෝලීය වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනැගීමට එකතුවීමට සියලුදෙනාටම ජාතික වගකීමක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
