subash
හොරාගේ අම්මගෙන් පේන අහනවා කියා කියමනක් අප අසා ඇත. හොරාගේ අම්මගෙන් පේන අසන විට හොරාගේ අම්ම පේන කියන්නේ කෙසේදැයි ඕන නොදරුවෙකුට සිතා ගත හැකිය..
පාස්කු ප්‍රහාරය වියරු නාඩගමක්.. ඒත් රටේ ජනතාව එහි රඟන්නේ නැත...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේත් ස්වර්ණවාහිණි රූපවාහිනී නාලිකාවේ විවාදයක් පැවැතිනි. එය සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ මැදිහත්වීම මත සිදු වූවක් වන අතර සජබය වෙනුවෙන් මනූෂ නානයක්කාරද ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ කාන්චන විජේසේකර ඇමැතිවරයා සම්බන්ධ විය.
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල මේ වන විට බහුල වශයෙන් රිය අනතුරු සිදු වන අතර 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුල සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
රටක් ලෙස අපද දැනට දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ වසංගතයට එරෙහිව සටන් කරමින් සිටී.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එරෙහිව සටන් කිරීමට සහය ලබා දෙමින් ඉන්දියාව සිය 74 වැනි නිදහස් දිනයේදී ශ්‍රී ලංකාවට විශේෂ තිළිණයක් ලෙස ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 100,000ක් බෙදා හැරීම සිකුරාදා ආරම්භ කළේය.
විපක්ෂය මොනවා කිව්වත් පොහොට්ටුව තවමත් පෙරමුණේ....
එළඹෙන ජනාධිපතිවරණයෙහි විපක්ෂයේ අපේක්ෂක ධුරය වෙනුවෙන් මේ වන විට ලක ලැහැස්ති වෙන පුද්ගලයන් දහ පහළොස් දෙනෙක්වත් සිටිති. සමහරු දැනටමත් දිනලාය. ආණ්ඩු පිහිටුවල ඇමැති මණ්ඩලද නම් කර අවසන්ය.
භීෂණයට අනුකම්පාවක් නොමැත. කිසිම රටක පුරවැසියකුට ඕනෑම භීෂණයකදී මරණයට කලින් සිටම සූදානම්වීමේ වරම ලැබෙන්නේ නැත.
ගෑස් පිපිරීම වගේම විදුලි අර්බුදය පිටුපසත් කුමන්ත්‍රණයක් තිබෙනවා - ජොන්ස්ටන්
ගෑස් ප්‍රශ්නයේදිත් මම කිව්වා කවුරුහරි මේක පිටුපස ඉන්නවා කියලා.එතකොට මට ගොඩක් අය බැන්නා. දැන් ගැස්පුපුරනවා දැකල තියනවාද. විදුලියෙදි තියෙන්නෙත් මේ වගේම ප්‍රශ්නයක්.එක පාරට කැඩෙනවා. මාස ගණන් වහනවා. ජනතාවට දැනෙන්නේ නැද්ද මේ විදුලි බලය අර්බුදය පිටුපස්සේ කුමක් හෝ දෙයක් තියනවා කියලා. මේක පිටුපස්සේ කුමන්ත්‍රණයක් තිබෙනවා.
දැඩි සෞඛ්‍යාරක්ෂාවක් සමඟ උසස් පෙළ විභාගය හෙට ආරම්භවේ.
කොවිඩ් 19 සංගත තත්වය හමුවේ කිහිපවතාවක්ම කල් දමමින් තිබුණ 2021 වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණ යනු මෙරට දැඩි විවේචන වලට එදා සිට අද දක්වාම ගොදුරු වූ පක්ෂයකි..
