දැන් සැපද ...? Featured

Tuesday, 08 February 2022 20:12

හොරාගේ අම්මගෙන් පේන අහනවා කියා කියමනක් අප අසා ඇත. හොරාගේ අම්මගෙන් පේන අසන විට හොරාගේ අම්ම පේන කියන්නේ කෙසේදැයි ඕන නොදරුවෙකුට සිතා ගත හැකිය..

එහෙත් හොරාගේ අම්මා කියා නොදැන පේන ඇසීමත් ,හොරාගේ අම්මා කියා දැන ගෙන පේන ඇසීමත් දෙකක්ය..ඊයේ හොරාගේ අම්මා කියා දැනගෙන පේන ඇහුවේ රතු ඉරේදිය..හැමදාමත් කට නිසා නහින හරීන්නුත් මනුෂත් පළවෙනි තප්පර කිහිපයේදීම හොද හැටි නා ගත්තේ වාචාල කටවල් නිසාය..පාස්කුවට උත්තර දෙන්න අපි සුදානම් කියා ජැන්ඩියට හැද පැලදන් ආවත් හරින්ලා මනුෂලා අවසානයේ පිට වන්නේ වතුර බවුසරයකුත් බීලාය ..හරින්ලට මනුෂලාට විතරක් නොව පාස්කුව ගැන කතා කරද්දීම විපක්ෂයටම හීන් දාඩිය දාන්නේය ...මෙරට දේශපාලන ඉතිහාසයේ පාලකයන් මර නින්දේ සිටි පාලනයක් තිබුණේ යහපාලනයෙදිය..97ත් වතාවක් දැනුම් දීලත් යහපාලනයට පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට නොහැකි වුණේ යහපාලනය මර නින්දේ සිටි නිසාය..එහෙව් කුජිත පක්ෂයක් නියෝජනය කරන හරින්ලා මනුෂලා ප්‍රමුඛ විපක්ෂය මාන බලන්නේ තම ආණ්ඩුව තුළින් සිදු වූ වරද වත්මන් ආණ්ඩුව පිට පැටවිමටය ... පහුගිය කාලයේ සජබ මන්ත්‍රී අශෝක අබේසිංහ සමාජ මාධ්‍ය තුළින් වපුරන්නට උත්සාහ කරේද මේ කතාවමය...ප්‍රකාශ කළ චෝදනාවේ බරපතල කම වැටෙහෙන විට අශෝක සිටියේ පැය ගාණක් පුරා සි.අයි.ඩී ය ඉදිරියේ නිරුත්තරවය ..එදා මෙදා තුර අසෝක අබේසිංහ යැයි මෙරට පුරවැසියෙක් සිටි දැයි ද අප තවමත් නොදනී.

තමා හරි යැයි සිතන බොහෝ දෙනෙකුට වරදින තැන් ඇත. එහෙත් දැන් හරීන්ට වරදින්න පටන්ගෙන ඇත්තේ තැනක් නොතැනක් නැතිවය. වැරදි වැරදි වැටි වැටි නැගිටින මිනිසුන් මේ මිහිමත ඇත. වැටි වැටි නැගිටීම කෙසේ වෙතත් හරින් නම් තවම වැටුණු තැනමය. තමා හරියැයි සිතන හරීන්ට මුලින්ම වරදින්නේ එජාපය අත් හැර සජබයට පය ගහපු තැනදිමය. මිනිසුන් පරිණත වෙන්නේ ,පාඩම් උගනින්නේ ජිවිතයේ විදින අද්දැකීම් අනුව වුවත් හරින්ට නම් එය අදාලම නැති ගානය. රෑ වැටුන වලේ දවල් පමණක් නොව රෑ වැටුන වලේ නිතර දෙවේලේම දැන් හරීන් වැටෙමින් ඇත.

''කියවීමෙන් මිනිසා සම්පුර්ණ කරයි'' යන කියමන ඔට්ටු වන්නේ පොත් පත් කියවීමෙන් ලබන දැනුමෙන් මිස මුඛය සෙලවීමෙන් නොවන වග තමන් හරි යයි සිතන හරීන්ට වත් මනුෂටවත් වැටහෙන්නේ නැත. කට නිසාම හරීන්ටත් මනුෂටත් ඊයේ වැරදුනේද ඒ නිසාය..හෙට වරදින්නෙත් ඒ නිසාමය..

-පංචාලි

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us