subash

subash

කුරුඳු, ගමිමිරිස්, එනසාල් ඇතුළු සුළු අපනයන බෝග වර්ග අපනයනය කිරීමෙන් ඉකුත් වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 450ක ආදායමක් උපයා ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

සෞභාග්‍යයේ දේශයක් කරා යන ගමනේ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක ප්‍රධානතම අංගය වනුයේ තෘප්තිමත් ජනතාවකි .

කොවිඩ් අර්බුදය දෙවසරක් තිස්සේ අපේ රටේ ආර්ථිකයට ,ජනතාවගේ මානසික තත්ත්වයන්ට ,ඔහුන්ගේ ජිවනෝපයන්ට එල්ල කරේ දරුණු පහරක්..තවමත් එම පීඩාව පහව ගොස් නැත.

මෙරට රාජ්‍ය බැංකු පද්ධතිය පසුගිය වසරේ රුපියල් බිලියන විස්සකට අධික ලාභ ලබා ඇති අතර, එම බැංකු පද්ධතිය සතුව රුපියල් ට්‍රිලියන ගණනක වත්කම් පද්ධතියක් ඇති බැවින් ඒවායෙහි මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ කිසිදු බියක් හෝ සැකයක් ඇති කර නොගන්නැයි වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ඇමැති රමේෂ් පතිරණ මහතා පවසා ඇත.

මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් "සොබාදනවි" ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තුවන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා තිබේ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ දූපත අත්හැර දැමීමෙන් පසුව දූපතේ පාලනය බාරගත් සෑම කණ්ඩායමක්ම පොරොන්දු වූයේ රට හදන බවය. මාරුවෙන් මාරුවට කණ්ඩායම් රාජ්‍ය බලය ඉල්ලා සිටියේ රට හදන වගකීම තමන්ට බාර දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලමිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ආසන වෙන් කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් (https://seatreservation.railway.gov.lk) හා ජංගම යෙදවුමක් (app)හඳුන්වාදීම අද (21) දින ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

කෙරවලපිටිය ගෑස් ගබඩා සංකීර්ණයට නෞකා මගින් ගෙන ආ ගෑස්, බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා දීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

වසර 2008න් පසු ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් සඳහා වාර්තා වූ ඉහළම මිල පසුගියදා වාර්තා විය.

ඇත්ත දකිමු !

Published in පුවත්
Monday, 14 March 2022 12:24

රට ආර්ථික ප්‍රපාතයක බව කියා සිටිමින් වරින් වර ජනතාව විරෝධතා ක්‍රියාමාර්ගවලට පෙලඹීමට හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටින විපක්ෂය පස් අවුරුද්දක් රට පාලනය කර යුද්ධයත් හෝ වසංගතයක් වැනි කිසිදු අභියෝගයක් නැතිව 2019 දී බාර දුන්නේ 2.5%ක ආර්ථික වර්ධනයක් ඇති රටක් බව විපක්ෂයට අමතක වුවද අපට හොද හැටි මතකය.

Connet With Us