දැඩි සෞඛ්‍යාරක්ෂාවක් සමඟ උසස් පෙළ විභාගය හෙට ආරම්භවේ.  

Published in පුවත්
Sunday, 06 February 2022 11:56

කොවිඩ් 19 සංගත තත්වය හමුවේ කිහිපවතාවක්ම කල් දමමින් තිබුණ 2021 වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ වීමට නියමිතය.

එහෙත් මේ වන විටත් කොරෝනා ඕමික්‍රෝන් ප්‍රභේදයේ සීග්‍ර පැතිරීයාම නිසා යළිත් බරපතල සෞඛ්‍යමය තර්ජනයක් එල්ලවෙමින් තිබෙන තත්වය තුළ දරුවන්ගේ ආරක්ෂාව මුල් කරගත් සෞඛ්‍ය මාර්ගගෝපදේශ ගනනාවක් දැඩිව ක්‍රියාත්මක කරමින් මෙවර විභාගය පැවැත්වීමට රජය සියළු කටයුතු සූදානම් කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේ විභාග ශාලාධිපතිවරුන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවය.

විභාගය හෙට සිට ලබන මස 05 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 345,242 දෙනෙකු මධ්‍යස්ථාන 2,438කදී විභාගය සඳහා පෙනී සිටී.

කොරෝනා ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින් සඳහා රෝහල් ආශ්‍රිත විශේෂ මධ්‍යස්ථාන 29ක් ද පිහිටුවා තිබේ.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වීමේදී වේලාව නිවැරදිව ප්‍රදර්ශනය කරන ලෙස සියලු විභාග ශාලාධිපතිවරුන්ට නියෝග කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.

විභාග නීති රීති එලෙසම ක්‍රියාත්මක වන අතර විභාග ශාලාවට ඉලෙක්ට්‍රොනික මෙවලම්, ඉලෙක්ට්‍රොනික අත්ඔරලෝසු, ජංගම දුරකථන වැනි අනවශ්‍ය දේ රැගෙන ඒම තහනම් වේ.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේනම් 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 011- 2784208 හෝ 011 -2784537 අංක අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්හි ඩෙංගු මර්දන සහ ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේ වන විටත් අදාළ බලධාරින් යොමුකර ඇති අතර අදාළ පාසල්වල විදුහල්පතිවරු විසින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මෙවර උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන දරුවන් සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us