අයවැයෙන් වැඩ ලක්ෂයක් ජාතික සංවර්ධන වැඩසටහන දිවයිනපුරා !

Published in පුවත්
Saturday, 05 February 2022 10:27

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුනු වැව කලාපයේ පඩිකාරමඩුව විජය ජාතික පාසලට විශාල අඩුවක්ව පවතින ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය ඉදි කිරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතාගේ මූලිකත්වයේන ආරම්භ කෙරුණා.

ප්‍රදේශයේ අබලන් පාලම වෙනුවට නව පාලමක් ඉදි කර දෙන බවටද මන්ත්‍රිවරයා මෙහිදී ප්‍රතිඥා දුන්නා.

ඇල්පිටිය බටුවන්හේන අක්කර 16 ක්‍රිඩා පිටියේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේද අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන යටතේයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් මෙය ආරම්භ කෙරුණා.

බෙන්තර ඇල්පිටිය ආසනයේ තලාව මංසන්ධියේ සිට අලිකෑ හේන අටකොහොට දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ද ආරම්භ කෙරුණේ ගීතා කුමාරසිංහ මන්ත්‍රිවරියගේ ප්‍රධානත්වයෙන්. කිලෝමීටර් 3.3 ක් මෙහිදී සංවර්ධනය කිරීමට නියමිතයි.

බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේද සංවර්ධන ව්‍යාපෘති 460ක් ක්‍රියාත්මක කෙරෙනවා. අය වැයෙන් වැඩ ලක්ෂයක් යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රි සුදර්ශන දෙණිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කෙරුණා. බණ්ඩාරවෙල ලියන්ගහවෙළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට පැමිණෙන මාර්ගයේ පාලමක මුල්ගල තැබීමද ඊට අයත්. ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය වෙනුවන් පැළ සිටුවීම ද සිදු කෙරුණා.

බියගම හෙයියන්තුඩුව උතුර බහුකාර්ය ගොඩනැගිල්ල ඉදි කෙරෙනුයේ රුපියල් ලක්ෂ 280 ක වියදමින්. බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහතාගේ මූලිකත්වයෙන් එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us