subash
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන, ඇතුළු නියෝජිතයින් 80 දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකු ද ලබන සතියේ එක්සත් ජාතීන්ගේ පාර්ශ්වකරුවන්ගේ සමුළුව (COP28) සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නුවර වෙත යෑමට නියමිත බව වාර්ථා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන නොදන්න මඟුල් කියවන ඇමතිගේ හෙළුව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැති බවට ක්‍රීඩා ඇමතිවරයා විසින් දිගින් දිගටම නගන චෝදනාවේ කිසිදු සත්‍යතාවයක් නැතැයි මේ වනවිට අනාවරණය වී තිබේ.
මීපුර, ෆ්‍රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයෙන් ගෞරව සම්මානයක්!
නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙස නැගෙනහිර ටිමෝරයේ (East Timor /Timor-Leste) ජනාධිපති රාමෝස් හොර්ටා විසින් විශේෂ ගෞරව පදක්කමක් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට පිරිණමා ඇත.
වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා ටොම් ඊ.ජේ.සී අඹ පැළ 84,000ක් ලබා දීමේ ව්‍යාපෘතියක් මේ වන විට එම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
වසර 06ක් රඳවා සිටි අප්‍රිකානු ජාතිකයන් 30 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබේ.
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ජනවාරියේ සිටම ලැබෙන ලකුණු !
එළැඹෙන ජනවාරී මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට රු 5000 බැගින් දීමනාවක් ගෙවීමට හැකි බවට මුදල් අමත්‍යංශයේ පැවැති සාකච්ඡාවක්දී හෙළි වී ඇති බව අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
දුම්රිය ආසන වෙන්කිරීමේදී මගී පහසුව සදහා නව ඩිජිටල් ක්‍රමවේදයක්
දුම්රිය ආසන වෙන්කිරීමේදී ජනතාව වෙත පැන නගින ගැටළු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව හදුන්වාදුන් බවත් ඒ අනුව RDMNS.LK දුරකථන යෙදවුම නවතම විශේෂාංගය රැසකින් සමන්විත කර ඇති බවත් එම දෙපාර්තමේතුවේ සදහන් කරයි.
රාජ්‍ය රහස් හෙළි කිරීමේ වරදට සිරගත වූ ඉම්රාන් ඛාන් 28දා අධිකරණයට
සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් රාජ්‍ය රහස් හෙළි කිරීමේ නඩු විභාගය සඳහා ලබන 28 වැනිදා පෙනී සිටින ලෙස ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජනතාව වෙනුවෙන් උපරිම, විශ්වාසදායි සෞඛ්‍ය සේවාවක් සැපයීම පිණිස වැදගත් තීරණ රැසකට ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එලෙඹි බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
සැකකරුවන්ගේ ජිවිත සුරක්ෂාව වෙනුවෙන් මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක්
මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ යාම සලකා බලා මේ සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
