subash
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට SINOPEC සහ IOC සමාගම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළ මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සශෝධනය කර ඇති බව සඳහන් වේ.
පසුගිය යල කන්නයේ යුරියා පොහොර ලබා ගැනීම සඳහා රජය විසින්ගොවි ජනතාවට නිකුත් කළ වවුචර්පත්වලට අදාල පොහොර ලබා නොගත් ගොවීන් දෙසැම්බර් මස 15ට පෙර එම පොහොර ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
හර්ෂණ නෑ කිව්වට සජබයෙන් පොදු අපේක්ෂකයෙක් ලු එන්නේ
හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙස ආරාධනා කර ඇති නමුත් ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ මේ වන විටත් සජබයේ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ පක්ෂය දියවෙමින් යෑම වලක්වා ගැනීමට බව එම පක්ෂයට සම්බන්ධ ආරංචිමාර්ග පවසයි.
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක්ද අනාවරණය වී ඇතැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (29) දැනුම් දුන්නාය.
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් ගැන තීරණයක්
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් ඔවුන් සේවය කළ ස්ථානයටම යළි අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවදානය යොමු වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.
හරීන් ක්‍රීඩා අමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරමින් රටට කොටි 5ක් ඉතිරි කරයි
ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු උපදෙස් දුන්නේය.
2024 දී CTB ලාභ නොලැබුවොත් පෞද්ගලීකරණය කරනවා -බන්දුල කියයි
2024 වසර වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ නොලැබුවහොත් එය ද පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.
ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් එළැඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.
