subash
VAT එක වැඩි ඡන්දයෙන් සම්මතයි. බදු වදිනනොවදින ලැයිස්තුව මෙන්න
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11 ) සම්මත විය.
රනිල් එනවා ස්ථීරයි ! මහින්දත් සාක්ෂි. අනුරගෙන් අභියෝගයක්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ථිර වශයෙන්ම ඉදිරිපත්වන බවත් ඔහු ජයග්‍රහණය කරන බවත් Chatham Street Journal පුවත්පත විශේෂ වාර්ථාවක් පළ කර ඇත. එසේම පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමටත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටත් තීරණය කර ඇති බවත් වාර්ථා කර ඇත. එසේම ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වනු ඇත්තේ ජවිපෙ අනුර කුමාර බවත් සඳහන් කරයි.
Sri Lankan Airline වෙතින් කොළඹ සහ මුම්බායි අතර ගුවන් ගමන් වාර ද්විත්වයක්
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විසින් අගනුවර වෙත ගමන් කරන මගීන්ගේ පහසුව වැඩි කරමින් කොළඹ සහ මුම්බායි අතර දෛනික ගුවන් ගමන් වාර ද්විත්වයක් හඳුන්වා දී ඇත.
නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායකින් අල්ලයි
කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(11 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
රටට වැඩදායක ආණ්ඩුවේ යෝජනාවලට සහාය දෙනවා - හර්ෂ ද සිල්වා
ජනප්‍රිය දේශපාලනයෙන් එහාට ගොස් රටට වැඩදායක ආණ්ඩුවේ යෝජනාවලට විපක්ෂයක් විදිහට සහාය ලබා දෙන්නේ යැයි සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවැසීය.
මේ වසරේ ජනවාරි 01වන දා සිට නොවැම්බර් මස 21 වන දා දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 3,255ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පලකරමින් දීවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද දිනටත් (11)ත් ක්‍රියාත්මක වෙයි.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද(11) යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබේ.
අඳබාලයන් විසින් ඝාතනය කළ ස්ටැන්ලි විජේසුන්දර නමින් කෘතිම බුද්ධි මධ්‍යස්ථානයක්
කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
