රටට වැඩදායක ආණ්ඩුවේ යෝජනාවලට සහාය දෙනවා - හර්ෂ ද සිල්වා

Published in පුවත්
Monday, 11 December 2023 10:04

ජනප්‍රිය දේශපාලනයෙන් එහාට ගොස් රටට වැඩදායක ආණ්ඩුවේ යෝජනාවලට විපක්ෂයක් විදිහට සහාය ලබා දෙන්නේ යැයි සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවැසීය.

වැට් බදු සම්බන්ධයෙන් පැහැදිලිතාවක් නොමැති බවත් වහෙන් ඔරෝ භාෂාවෙන් වැට් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. ජනප්‍රිය දේශපාලනයෙන් එහාට ගොස් කළ යුතු වැඩ කිරීම සඳහා අපි වගකීමෙන් කටයුතු කරනවා. 97ක් නිදහස් කරනවා කීවේ නිදහස් කිරීම ඉවත් කර ගන්නවා. ඒ කියන්නේ නිදහස් කරලා තිබෙන ඒවා ඉවත් කරනවා කියන එක. එවිට වැට් එක වදිනවා. වහෙන් ඔරෝ භාෂාවෙන් තමයි මේ කියලා තිබෙන්නේ. ඇමැතිවරයා කීවේ 97ක් නිදහස් කරනවා කී ඒවා ඒ නිදහස් කර ගැනීමෙන් ඉවත් කර ගන්නවා කියලා.

දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 15ක්වත් ආදායම නැත්නම් මේ වැඩ කරගෙන යන්න අමාරුයි කියලා කීවා. අපි සියයට සියයක් පිළිගන්නවා. දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 20ක් ආදායම තිබුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ. 1994දී පැමිණි ආණ්ඩුව ජනප්‍රිය දේශපාලන තීරණ ගත්තා. ඒ 94 සිට ගත් ජනප්‍රිය තීරණ නිසා බදු බිලියන හය හත්සීයක් නැතිවෙලා සියයට 8කට ආදායම පහළට වැටුණා. බුද්ධි මණ්ඩපයේ ආචාර්ය මහීන් මෙන්ඩිස්, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය නෙවිස් මොරායස්, උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥවරයා හරහා නඩුවක් දැම්මා. ඒ නඩුවට රොමේෂ් ද සිල්වා ජනාධිපති නීතිඥවරයා තමයි අනෙක් පැත්තෙන් කතා කළේ. ඒ අය නඩුව පැරදුණා.

ආර්ථික කඩා වැටීමට වග කිව යුත්තේ කවුද කියලා එහි තිබෙනවා. රාජපක්ෂවරුන් තිදෙනෙක් එහි සිටිනවා. කබ්රාල්, පී.බී. ජයසූරිය එහි සිටිනවා. මෙවැනි බදු සංශෝධන ඉදිරිපත් කරන විට මීට වඩා සත්‍යවාදී විය යුතුයි. සියලු වැට් බදු 15 සිට 18 දක්වා ගෙන යාමක් මෙමඟින් සිදු කරනවා. අද සිට 0 සිට 18 දක්වා වැට් බදු ගහනවා. මුදල් කාරක සභාවට මේක ගෙනාවම අපි අපහසුතාවට පත් වුණා.

දරුවන්ට දෙන පෝෂණ ගුලිවලට බදු ගහන්න එපා කියලා අපි ආයාචනා කළා. ගිලන් රථවලට පවා වැට් ගහනවා. සෝලාර් පවර්වලටත් වැට් ගහලා තිබෙනවා. ආණ්ඩුව වැට් බදු ගහන ලැයිස්තුව සිංහල භාෂාවෙන් ලබා දෙන්න. එම ලැයිස්තුව ලබා දී තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි.

-දිනමිණ

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us