subash

subash

බටහිර සුමාත්‍රා හි ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද පුපුරා ගොස් ඇත.

පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝගීන්ට දෙන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා එන්නත් හා ඖෂධ වර්ග 16ක් අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ලෝක එඩ්ස් දිනය අද(01) යෙදී තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයට 2010 වසරේදී තමාව පත් කළේ දේශපාලන වශයෙන් නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවසීය.

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කඩඉම් ලකුණු අද (01) නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පෙරේදා (29) මූලික එකඟතාවන්ට පැමිණි බව පාර්ලිමේන්තුවට සතුටින් දැනුම් දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවසීය.

බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකරමින් ආගමික සංහිඳියාවට හානි කළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය 08ක් පුරා දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

ප්‍රමිතියෙන් තොරව HUMAN IMMUNOGLOBULIN නමැති ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාළව හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තන් CID ඊයේ (30) පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කරනු ලැබීය.

Connet With Us