subash
ජනපති ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයින් කිහිපදෙනෙක් අද ඩුබායි බලා පිටත් වේ
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර ඉදිරි මාස 6 තුළ නිකුත් කෙරේ
මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර සියල්ල ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.
ශ්‍රී ලංකාවේ පළමු වරට කේබල් කාර් අත්දැකීම සඳහා ගිවිසුමක්
මෙරට සංචාරක ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් රුපියල් කෝටි 147ක (අමෙරිකානු ඩොලර් මිලියන 4.5) මුදලක් ආයෝජනය කොට ගම්පොළ, අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
පොලිස්පති ධුරයට වසර 3 යි - කැබිනට් මණ්ඩලයට යෝජනාවක්
පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
A/L උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැදවීම ONLINE හරහා
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර ඇගැයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසීය.
අඩු ආදායම්ලාභීන්ගේ නිවාස කුලිය ලබන වසරේ සිට අය නොකෙරේ
අඩු ආදායම්ලාභීන්ට කුලී පදනම මත ලබා දී ඇති නිවාසවල කුලිය අය කර ගැනීම ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම නතර කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ දී ඊයේ (29) පැවසීය.
රට බේරා ගැනීමට තිබෙන එකම විසඳුම සජබය විතරයි - මන්ත්‍රී හර්ෂණ කියයි
රට මුහුණදී තිබෙන ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයෙන් රට බේරා ගැනීමට තිබෙන එකම විසඳුම සමඟි ජන බලවේගය බවත් රටේ වත්මන් තත්ත්වය වෙනස් කිරීමට සමඟි ජන බලවේගය නායකත්වය ගැනීමට සූදානම් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත.
ඩුබායි හී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ සමුළු සඳහා මෙරට නියෝජිතයන් 80 ක් පමණ සහභාගී වීමට නියමිත අතර මේ වෙනුවෙන් සහභාගී වන දේශපාලන නියෝජිතයන් වන්නේ අමාත්‍ය අලි සබ්‍රි,අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල,අමාත්‍ය කාන්චන විජේසේකර සහ විපක්ෂය නියෝජනය කරමින් චම්පික රණවක හා අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන්ය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු පත් කරයි
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව පත්කර ඇති බව වාර්තා වෙයි.
සේනා යළි හිස ඔසවයි - පාලනයට වහා පියවර ගන්නැයි ඇමති අමරවීර ගෙන් උපදෙස්
මෙම මහ කන්නයේදීත් බඩඉරිඟු වගාව සේනා දළඹු හානියේ බලපෑමට ලක්වෙමින් පවතින බැවින් දළඹු හානිය පාලනය සඳහා ගත යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වග කිවයුතු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
