A/L උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැදවීම ONLINE හරහා

Published in පුවත්
Thursday, 30 November 2023 08:22

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර ඇගැයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසීය.

පෙරේදා (28) සිට මෙම අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරිණ. https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන්ට අයදුම් කළ හැකිය. උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනිදා පැවැත්වේ.

මේ අතර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අභියාචනා කැඳවීම දෙසැම්බර් 04 වැනිදා දක්වා සිදු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. මෙම අභියාචනා කැඳවීම පසුගියදා (27) ආරම්භ කෙරිණි.

මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිතා කර http://onlineexams.gov.lk/eic දරන වෙබ් අඩවියේ SCHOOL LOGIN වෙත පිවිස අභියාචනා ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us