subash

subash

දික්කසාද ලබා ගැනීම වඩාත් පහසු කෙරෙන පනත් කෙටුම්පත් තුනක් ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීමට රජය තීරණය කර තිබේ. මෙය ඓතිහාසික පියවරක් වෙනු ඇත. සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා මෙම යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් හරහා පිහිටුවනු ලබන අතර, අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර සංකල්ප පත්‍රිකාවක් ලෙස දැනට කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේ පවතී.

ගල්කිස්සේ සිට යාපනය සහ කන්කසන්තුරේ දක්වා උතුරු මාර්ගයේ ධාවන කරන ‘යාල් නීලා’ දුම්රියයේ රාජ්‍ය සේවක දුම්රිය බලපත්‍ර (වොරන්ට්) මගින් පළමු සහ දෙවැනි පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම් දීමට තීරණය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ පවසයි.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර නිලධාරීන් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියේ විමර්ශන පොලිස්පතිවරයාට බාරදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා තිබේ.
ඒ, ඔහුගේ විශේෂ බලතල භාවිත කරමිනි.

ලබන වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩුවිය හැකි බවට අපේක්ෂාවක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයෙහි තෙවැනි මහලේ පවතින රසායනාගාරයේ වායුසමීකරණ පද්ධතිය නඩත්තු නොකිරීම නිසා රෝගීන් ආපසු හරවා යැවීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

Connet With Us