ගාසා ගැන සාකච්ඡා කරන්න ඒ.ජා මහලේකම් විශේෂ රැස්වීමක් කැදවයි

Published in විදෙස්
Thursday, 07 December 2023 09:31

ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා තිබේ.
ඒ, ඔහුගේ විශේෂ බලතල භාවිත කරමිනි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වැනි වගන්තියට අනුව ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් ලෙස මහලේකම්වරයා සලකන ඕනෑම කරුණක් සඳහා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවීමට ඔහුට බලය හිමිව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගාසා තීරයේ ජනතාවට සටන් විරාමයක් හෝ යම් සහනයක් ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දරණ උත්සාහය මින් පෙනී යන බවයි.

2017 වසරේදී ඇන්ටෝනියෝ ගුටරෙස් මහ ලේකම්වරයා ලෙස පත්වූ පසු මෙම බලය භාවිත කළ පළමු අවස්ථාව මෙයයි.

කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මීට පෙර අවස්ථා හතරකදී රැස්වී ඊශ්‍රායල – හමාස් ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය.

නමුත් මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වන අමෙරිකාවේ දැඩි විරෝධය සහ නිශේධ බලය භාවිත කිරීම හමුවේ ඔවුන්ට යෝජනාවක් සම්මත කිරීමට හැකිවුණේ නැත.

ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රහාර හමුවේ ගාසා තීරයේ වැසියන් මේ වනවිට මුහුණ දෙන්නේ දැඩි මානුෂීය අර්බුදයකටයි.

ගැටුම් හමුවේ මියගොස් ඇති ගාසා වැසියන් සංඛ්‍යාව 16,000කට අධිකයි.

 

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us