subash
ගෘහස්ථ හිංසනයන් ගැන දැනුම්දීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්
ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමට ක්‍රියාත්මක 'මිතුරු පියස' ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
තවත් ආනයනික බිත්තර මිලියන 15ක් ඇණවුම් කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
බදු සහ වියදම් ඉලක්ක හැර අනෙක් කැපවීම් ගැන සතුටුයි - IMF ප්‍රධානී පීටර් බෘෘවර්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ බොහෝ කැපවීම් ශ්‍රී ලංකාව බදු සහ වියදම් ඉලක්ක හැර ඉටු කර ඇතැයි ජාතයන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් පෙන්වා දෙයි.
බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගමු - ජනපති
දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනපති එදා රට බාර නොගත්තා නම් අද පාර්ලිමේන්තුව අළු ගොඩක් - ඇමති ශෙහාන් කියයි
රනිල් වික්‍රමසිංහ එදා නායකත්වය බාර නොගත්තා නම් අද මේ පාර්ලිමේන්තුව අලු ගොඩක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
දරුවන්ට අභ්‍යාස පොත් සහන මිලට දීමේ වැඩපිළිවෙළක්
පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.
පවුම් 38ක් බර රන් තලියත් අතුරුදන් - කතරගම ලොකු කපුවත් අතුරුදන්
කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය හොබවන සොමිපාල ටී රත්නායක සහ එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා සිය නිවෙස්වලින් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තාවෙයි.
වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
දෙවන වාරිකය සදහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වේ
ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
