පවුම් 38ක් බර රන් තලියත් අතුරුදන් - කතරගම ලොකු කපුවත් අතුරුදන්

Published in පුවත්
Wednesday, 13 December 2023 09:05

කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය හොබවන සොමිපාල ටී රත්නායක සහ එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා සිය නිවෙස්වලින් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තාවෙයි.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම නිවෙස්වෙත ගොස් ඇති කොළඹ අපරාධ කොට්ඨාශයේ හිස් අතින් නැවත පැමිණීමට සිදුව තිබේ.

ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා කොළඹ බලා ගොස් ඇති බවත් යළි පැමිණීමෙන් අනතුරුව ඒ බව දැනුම්දෙන බවත් එම නිවෙස් හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමට පවසා තිබේ.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පූජා කර තිබූ පවුම් 38ක් බර රන් තැටියක් අස්ථානගත කිරීමේ සිදුවීමකට අදාළ විමර්ශනවලට අනුව තිස්සමහාරාම අධිකරණය වෙත කරුණු වාර්තා කර ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව උපදෙස් ලැබී ඇත්තේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසටය.

ඉන්දියාවේදී මියගිය බවට වාර්තා වූ අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ බිරිඳ විසින් 2019 වසරේදී මෙම රන් තැටිය කතරගම දේවාලය වෙත පූජා කර තිබුණි.

එම අවස්ථාවේ තේවාව භාරව සිට ඇත්තේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය හොබවන සොමිපාල ටී රත්නායකය.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුව එම රන් තැටිය කපු මහතාගේ කාමරයේ තබා ඇති බවය.

කෙසේ වෙතත් මෙම රන් තැටිය අස්ථානගතව ඇති බවට ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයාට ලද තොරතුරකට අනුව එවකට පොලිස්පතිවරයාට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

පසුව වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us