subash
ජනාධිපති සහ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද
උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබේ.
විදේශ විනිමය රජයට ගලා ඒමත් සමඟ මේ වසරේ ඉහළ සංචිතයක් !
මෙම වසර අවසන් වන විට රට තුළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
උත්සව සමය සදහා හෙට සිට විශේෂ දුම්රිය සහ බස් සේවාවක්
එළැඹෙන උත්සව සමය සඳහා විශේෂ දුම්රිය සහ බස් ධාවනය හෙට (22) සිට ආරම්භ වේ.
උත්සව සමයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
සිරකර සිටින ලාංකිකයන් බේරා ගන්න ත්රස්තවාදීන් සමග සාකච්ඡා ඇරඹේ
මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනා මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
සාර්ථකව ඉදිරියට යන ගමනට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්
"Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation" යන ඩොලර් මිලයන 500ක වැඩසටහනෙහි දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක පවසයි.
ඉන්දියාවේ කිරුළ දිනූ කිල්මීෂා උදයශීලන් දියණියට ජනපතිගෙන් සුබපැතුම්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලාංකික දැරියක වන කිල්මීෂා උදයශීලන් දියණිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
ජනපති අපේක්ෂකයා ධම්මික නෙවෙයි. කටකතා අසත්‍යයි.පොහොට්ටුවම කියයි
ප‍්‍රකට ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
මැතිවරණ සුරංගනා කතා වැඩක් නැහැ. IMF සමඟ වැඩ කළ යුතුයි - හර්ෂ
මැතිවරණ ආසන්නයේදී සුරංගනා කතාවලින් ජනතාව රැවටීම නවතා ජාතියේ වර්ධනය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කර තිබිණි.
