subash

subash

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටුවීමට සුදුසු ගොඩනැගිලි 3ක් තැපැල් දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නත්තල් නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

චීන-මියන්මාර ආර්ථික කොරිඩෝව (CMEC) විසින් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය මියන්මාරය හරහා චීනයේ යුනාන් පළාතට සම්බන්ධ කිරීමේ මුලික කටයුතු ආරම්භකර ඇති බව මෙරට 'තීරය සහ මාර්ග මුලපිරීම-ශ්‍රී ලංකා' (BRISL) හි අධ්‍යක්ෂවරියක් හා BRI උපදෙස් සහ සහයෝගය පිළිබඳ විශේෂඥ Maya Majueran සඳහන් කරයි.

ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, සංස්කෘතික ආරක්ෂාව සහ වෘත්තීය සුභ සාධනය ඉලක්ක කරගත් සමස්ථ ශ්‍රී ලාංකීය කලාකරුවන්, කලා ශිල්ප සහ නිර්මාණ හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා ගෙන එනු ලබන නව පාර්ලිමේන්තු නීති කෙටුම්පත සඳහා කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම දීර්ඝ කරයි.

ගත වූ මාසය තුළ මෙරටින් වාර්තාවන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

සුනාමි ව්‍යවසනය සිදුවී අදට (26) වසර 19ක් සපිරේ.

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් ප්‍රමාණය ලබන වසරේ සිට තවත් ලක්ෂ 4කින් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ඒ අනුව ලබන වසරේදී අස්වැසුම ලබන සමස්ථ ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පවුල් ලක්ෂ 24 ක්වේ.

ලබන වසරේ දී පැවැත්වීමට මැතිවරණ සඳහා මුහුණ දීමට සමගි ජන බලවේගයට තනිව නොහැකි වීම නිසා කවරහෝ පිරිසක් එකතුකරගෙන පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායක වෙත ලබා දීමට ඊයේ (22) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

අධිනීතිඥ රන් බණ්ඩා ගැන අමුතු හැඳින්වීම් අවශ්‍ය නැත. ඔහු වැඩිපුරම ලියා ඇත්තේ ගීත විය හැකිය. එහෙත් ඒ හැම ගීතයකම යටිබිම තුළ නින්නාද වන පණිවිඩය සමාජය සිසාරා ගියේ ඇතුලාන්තය දෙදරුම් කවන දැඩි කම්පනයක් ඇති කරමිනි. උලලේණා ගීත පිටපත කියවා මේකේ කියන්නේ උලලේණෙක් ගැන නම් නොවේ කියා කපුගේ ඩී.එස්.දයාරත්නට කීවේ ඉහතින් කියන ඒ කම්පනය නිසාය.

Connet With Us