රජයේ මහල් නිවාස හිමිකාරීත්වය ජනතාවට පැවරීම ඉක්මනින්ම

Published in පුවත්
Friday, 22 December 2023 19:53

රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් පැහැදිළි එකඟතාවයකට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සින්නක්කර ඔප්පු මගින් ජනතාවට රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය පැවරීමේදී මතුවන ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි 2024 වසර තුළදී නිවාස 8351 කට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

ඉඩම් හිමිකාරීත්වය සම්බන්ධව පැන නැගී ඇති ගැටළු, ඉදිරිපත් කර ඇති නිෂ්කාශන සහ සහතිකවලට අදාළ ගැටළු, ඇපකර ගැටළු මෙන්ම ඇතැම් නිර්දේශ ලබා ගැනීම් පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ශිරන්ත හේරත්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්. පී. කේ රණවීර, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ජේ. එම්. බද්‍රානි ජයවර්ධන , සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක යන මහත්ම මහත්මීන් සහ රේඛීය ආයතනවල නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

 

ජනාධිපති මාධ්‍ය අංශය
2023-12-22

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us