subash

subash

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ දිනවල විශේෂ චීන වෙළෙද නියෝජිත පිරිසක් අපේ රටේ සංචාරයක නිරතව සිටිති. චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ඊට එක්ව සිටිති.

ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

සියලුම සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් සියලුම ඉන්ධන හල් හිමිකරුවන්ට ආරාධනා කරමින් අද (22) කොළඹ පදනම් ආයතනයේදී පෙරවරු 9ට ආරම්භවීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු අද (22) උදෑසන පත්කර තිබේ.

ජාත්‍යන්තර වේදිකාවේ පෙළහරපාන ශ්‍රීලාංකේය ගායිකා යොහානිගේ නවතම ගීතය පසුගියදා එළි දැක්වීවීයගැහැණු දරුවකුට මුහුණ පාන්න සිදුවන සමාජ අත්දැකිමක් අපූර්ව පද වැලකින් සහ ගායනා විලාසයකින් ඇය ඉදිරිපත් කරයි.

කඩුවෙල මහ නගර සභාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල තිදෙනකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානීමහාචාර්ය චන්දිම ජීවන්දර පැවසීය.

යම්කිසි කෙනකු මිය යන දිනය නිශ්චිතවම කියන ගණිතමය මොඩලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම මේ මස 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් පසුව තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් දැනුම් දෙයි.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද (22) සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

Connet With Us