subash

subash

ජාත්‍යන්තර රූපවාහිනි ක්ෂේත්‍රයේ දැවැන්ත සම්මාන උලෙළක් ලෙස සැලකෙන එමී සම්මාන උලෙළේ දී ලාංකිකයෙකුට සම්මානයක් හිමි ව තිබේ.

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

අද (28) දිනයේ වරාය තුළ ආරම්‍භ කිරීමට නියමිතව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පැවැති යුධ තත්වයන් හා වෙනත් හේතුන් මත ජනතාවට අහිමි වු තමන්ගේ උරුම භූමි වූ ගම්මාන යළි එම ජනතාව සන්තක කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඒ අනුව කැළෑබද වී තිබෙන එම ගම්මාන යළි 1985 සිතියම අනුව ගම්මානවල වල පදිංචිව සිටි ජනතාවට ලබාදීමට සහ එම ඉඩම් අයිතිය පැවැරීම සිදුකිරීමට නියමිතය. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවත් දැනටමත් එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි. 

වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ, අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ දහම් ලෝෂිත ප්‍රේමරත්න සමත්ව ඇත.

ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසයි.

ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රත්‍රං මිළ ඉහළට

Published in පුවත්
Wednesday, 27 December 2023 12:16

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

Connet With Us