subash

subash

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක Saleh Al-Arouri ලෙබනනයේ දකුණු බීරූට් හි සිදුවූ ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

වැට් බදු වැඩි කළ ද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි නොකරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ)රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම දැඩි බලාපොරොත්තු සහිතව සිටි ව්‍යාපාරික ධම්මික  පෙරේරාගේ ජනාධිපති සිහිනය මේ වන විට මුළුමනින්ම බිඳ වැටෙන දේශපාලන වාතාවරණයක් ගොඩනැගී ඇත.

ලබන 21 වැනි දාට පෙර කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක් ආනයනයට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

අග්බෝ ඇතා දැනට රැඳී සිටින උලගල්ල වැව වටා විදුලි වැටක් ඉදිකිරීමට වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

2023 වසරේදී දී ශ්‍රී ලාංකික විදේශිකයන්ට රැකියා අවස්ථා ලබා දීමේදී සෞදි අරාබිය පළමු ස්ථානයට පත්ව ඇති අතර, එම පිරිස 63,000 කට වැඩි බව වාර්ථා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල. මීට අමතරව, කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර මහතා සහ කේ බර්නාඩ් රාජපක්ෂ මහතා පත් කර ඇති අතර, එම පත්වීම් 2024 ජනවාරි 01 දින (අද) සිට බලපැවැත්වේ.

ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කළේය.

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

Connet With Us