subash

subash

මේ වසරේ පළමු දින 04 තුළ පමණක් සංචාරකයින් 25,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ඇලස්කා ගුවන් සේවයට‌ අයත් 737 මැක්ස් 9 ගුවන් යානයක් අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ල්ඩ් ගුවන්තොටුපොළ වෙත හදිස්සියේ ගොඩ බස්වා තිබේ.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන වල පොදු රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි, පැෆරල් සංවිධානය පවසයි.

චීනයට බොර තෙල් සැපයීම තාවකාලික ව අත්හිටුවීමට ඉරානය කටයුතු කර තිබේ.

ආගමික දේශන පැවැත් වූ බව පැවසෙන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බදු ගෙවන ලද පුද්ගලයින් හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේදී සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

අද (05) සිට පාලන මිල ඉක්මවා කීරි සම්බා අලෙවිකරන වෙළෙඳුන් සොයා දිවා රෑ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පසුගියදා සියදිවිනසා ගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 47 හැවිරිදි පුද්ගලයාගේ බිරිද සහ දරු තිදෙනාගේ අවමගුල් උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයකු අද දිනයේ මහරගම ලැගුම්හලකදී සිය දිවි නසා ගෙන මියගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ක්‍රියාත්මක ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායකවූවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රසාදය පළ කර තිබේ.

ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර සඳහා ලබාදුන් මූල්‍යාධාරය100%කින් ඉහළදැමීමට පියවර ගෙන තිබේ.

Connet With Us