අඩි 16,000ක් ඉහළ අහසේ තිබූ ගුවන් යානයක දොර ගැලවී සිදු වූ බිහිසුණු අනතුර

Published in විදෙස්
Sunday, 07 January 2024 09:25

ඇලස්කා ගුවන් සේවයට‌ අයත් 737 මැක්ස් 9 ගුවන් යානයක් අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ල්ඩ් ගුවන්තොටුපොළ වෙත හදිස්සියේ ගොඩ බස්වා තිබේ.

ඒ, එම ගුවන් යානයේ බඳ කොටසේ දොරක කොටසක් ගැලවී යාම හේතුවෙනි.

පෝට්ලන්ඩ් සිට කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ වෙත ගමන් කිරීමේ දී එම ගුවන් යානයේ බඳේ පිහිටි දොරක කොටසක් පුපුරා යාම හේතුවෙන් විනාඩි 35 ක් වැනි කාලයක් තුළ පොට්ලන්ඩ් වෙත ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇලස්කා ගුවන් සේවය පැවසුවේ, එම අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 177 දෙනෙකු යානයේ සිටි බවයි.

මෙම හදිසි අනතුර සිදුවන අවස්ථාවේ යානය අඩි 16,000ක් (මීටර් 4,876) ඉහළ අහසේ තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ඇත.

මෙම සිද්ධියේදී ගුවන් යානයේ සිටි මගීන් දැඩි කම්පනයට ලක්ව සිටි බව විදෙස් මාධ්‍ය පැවසීය.

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇලස්කා එයාර් ලයින්ස් පවසන්නේ, තමන් සතු 737 මැක්ස් 9 ගුවන් යානා 65ම පරීක්ෂා කිරීම සඳහා තාවකාලිකව ගුවන්ගත කිරීම නවතා දැමූ බවයි.

ඇලස්කා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ, ගුවන් යානා 65 යළි සේවයට ලබා දෙන්නේ පූර්ණ නඩත්තු සහ ආරක්‍ෂිත පරීක්‍ෂණ අවසන් කිරීමෙන් පසුව පමණක් බවයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් ⁣වැඩිදුර තොරතුරු රැස්කරමින් සිටින බව ගුවන් යානා සමාගම වන බෝයිං සමාගම පවසා ඇති බව BBC වාර්තා කරනු ඇති.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us