දිවිනසා ගත් රුවන්ගේ බිරිදගේ මළගමට ආ තවත් දෙදෙනෙකු දිවිනසා ගනී

Published in පුවත්
Thursday, 04 January 2024 19:22

පසුගියදා සියදිවිනසා ගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 47 හැවිරිදි පුද්ගලයාගේ බිරිද සහ දරු තිදෙනාගේ අවමගුල් උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලයකු අද දිනයේ මහරගම ලැගුම්හලකදී සිය දිවි නසා ගෙන මියගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

34 හැවිරිදි ප්‍රීති කුමාර නම් මෙම පුද්ගලයා මිය ගිය රුවන් ප්‍රසන්න ගුණරත්නගේ සමීපතමයෙක් බවද පොලීසිය ප්‍රකාශ කරයි. මෙම ප්‍රීති කුමාර නම් පුද්ගලයා මිය ගිය රුවන් ප්‍රසන්න ගේ බිරිද සහ දරු තිදෙනාගේ අවමගුල් උත්සවයට සහභාගී වී ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ මාලබේ පොලීසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේ, මියගිය කාන්තාවගේ සැමියාගේ දේශනා සඳහා තමන්ද මීට වසර 4කට පමණ පෙර සහභාගී වූ බැවින් අවමගුල් උත්සවය සඳහා පැමිණි බවය.

ඔහු එම දේශනවලදී සියදිවි නසාගැනීම ප්‍රවර්ධනය කරමින් කතා පැවැත්වූ බවත් එම පුද්ගලයා පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබේ.

නිවන් මග යෑම සඳහා අදාළ පුද්ගලයා සියදිවි නසාගත්තේ යැයි ඔහු පවසා ඇති බව වාර්තා වෙයි.

එවන් පසුබිමක පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදුන් 34 හැවිරිදි ප්‍රීති කුමාර නම් පුද්ගලයා මහරගම ලැගුම්හලකදී මියගොස් සිටියදී පොලීසිය අද සොයා ගනු ලැබුවේ ඉන් අනතුරුවය.

පොලිසිය පැවසුවේ, ඔහු ඊයේ දහවල් එකයි තිහට පමණ විෂ කුඩක් ආහාරයට ගෙන සියදිවි නසාගෙන ඇතැයි සැක කරන බවය.

අදාළ පුද්ගලයා සියදිවි නසා ගැනීමට පාවිච්චි කරන ලද බවට සැක කෙරෙන විෂ කුඩෙහි ඉතිරි කොටසද කාමරයේ මේසය මත තිබී පොලීසිය සොයාගෙන තිබුණි.

මේ අතර සියදිවි නසාගත් රුවන් ප්‍රසන්නගේ බිරිද සහ දරු තිදෙනාගේ අවමගුලට සහභාගී වූ තවත් 21 හැවිරිදි තරුණියක් ද සියදිවි නසාගෙන තිබුණි.

ඒ යක්කල රාෆල්වත්ත ප්‍රදේශයේ සිය නිවස තුළදීය.

අදාළ තරුණිය රුහුණු විශ්වවිද්‍යාලයට පිවිසීම සඳහා භෞතික විද්‍යා අංශයෙන් සුදුසුකම් ලබා තැනැත්තියකි.

එම තරුණියද බුදු දහම විකෘති කර දේශනා කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් පුද්ගලයාගේ දේශනා සඳහා සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අදාළ සියදිවි නසාගැනීම් සඳහා භාවිත කළ සයනයිඩ් හා සමාන වීෂ කුඩු වර්ගය එකම වර්ගයේ එකක්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

මේ අතර අදාළ පුද්ගලයාගේ දේශනා සඳහා සහභාගී වූ පිරිසක් අද පස්වරුවේ මාලබේ පොලීසිය වෙත කැඳවා තිබුණි.

එමෙන්ම ඔහුගේ දේශනා සඳහා සහභාගීවූවන්ට සයනයිඩ් වැනි විෂ කුඩක් ලබාදී තිබෙනවාද යන්න පිළිබඳව ද පොලීසිය විමර්ශන සිදුකරයි.

ඔහු රසායනාගාරය තුළ සේවය කරන සමයේ සයනයිඩ් නිෂ්පාදනය කර ඇතැයි සැක කරන බව පොලීසිය පැවසීය.

අදාළ පුද්ගලයාගේ අනුගාමිකයන් පිළිබඳව ද පොලීසිය සොයාබලමින් විමර්ශන සිදුකරයි.

රුවන් ප්‍රසන්න ගුණරත්න බුදු දහම විකෘති කරමින් ස්ථාන රැසකදී දේශනා පවත්වා තිබුණි. එම දේශනවලදී ඔහු පවසා තිබුණේ සියදිවි නසාගැනීමෙන් මීළඟ ආත්මයට කඩිනමින් යා හැකි බවය.

අදාළ පුද්ගලයා රසායනාගාරයක සේවය කර ඇති අතර ඔහු ඉන් ඉවත්වී පසුව විවිධ ප්‍රදේශවල දේශනා සිදුකර තිබේ.

එවන් පසුබිමක අදාළ දේශකයා පසුගිය 28 වනදා හෝමාගම පිහිටි කුලී නිවසකදී සයනයිඩ් හා සමාන කුඩක් ආහාරයට ගනිමින් දිවි නසාගෙන තිබුණි.

ඔහුගේ අවසන් කටයුතු සිදුකළ දින එනම් පසුගිය දෙසැම්බර් 30 වනදා ඔහුගේ බිරිඳ අදාළ වර්ගයේම විෂ කුඩක් සිය දරු තිදෙනාද සමඟ පානය කර දිවි නසාගෙන තිබූනි .

 

-P.M

සැබැඳ පුවත - 

සියදිවි නසා ගත් රුවන්ගෙ දේශන වලට සවන්දුන් අය ගැන විමසිල්ලෙන් සිටින්න - පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ දැනුම්දීමක්

Last modified on Thursday, 04 January 2024 19:29

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us