සියදිවි නසා ගත් රුවන්ගෙ දේශන වලට සවන්දුන් අය ගැන විමසිල්ලෙන් සිටින්න - පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ දැනුම්දීමක්

Published in පුවත්
Wednesday, 03 January 2024 17:54

කොට්ටාව ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනාවලට සවන්දුන් අයෙකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැළකිල්ලකින් පසුවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විවිධ ප්‍රදේශ රැසක අදාළ පුද්ගලයා විසින් දේශනා සිදුකර ඇති බවත් ඔහුගේ දේශනාවලට සවන්දුන් පුද්ගලයින් කිහිපදෙනෙකුම මේ වනවිට සියදිවි හානිකරගෙන ඇති බව අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

මේ දක්වා මරණ වාර්තා වී ඇති සියලු පුද්ගලයින් ඔහුගේ අවමගුල් උත්සවයට ද සහභාගී වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

තමන් ගුප්ත විද්‍යාව පිළිබඳව හදාරා ඇති බව පවසමින් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති දේශකයා විසින් සිය දේශනාවලදී සඳහන් කර ඇතත් ඔහු එවැනි විෂයක් හෝ ආගමික මතවාදයන් පිළිබඳව කිසිදු හැදෑරීමක් සිදුකර නොමැති බවත් මේ වනවිට සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

එසේම ඔහු මාසයකට රුපියල් 150,000ක් වැනි මුදලක් ගෙවා කොට්ටාව ප්‍රදේශයේ මහල් නිවාසයක් කුලී පදනම මත ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳවද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

මහපු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 46 හැවිරිදි පුද්ගලයාද සයනයිඩ් ශරීරගත කරගෙන සියදිවි නසා ගනු ලැබුවේ පසුගියදාය.

ඔහු බුදු දහම සම්බන්ධයෙන් දේශනා පවත්වන්නකු බවත් දිවයින පුරා ඔහුගේ අනුගාමිකයන් රැසක් සිටින බවත් පසුගිය දෙසැම්බර් 26 වෙනි දින ද ඔහු අනුගාමිකයන් ගෙන්වා දේශනාවක් පවත්වා ඇති බවත් එහිදී මේ රට විනාසයි මේ රටේ ජීවත් වී පලක් නැතැයි පවසමින් දේශනා පවත්වා ඇති බවත් අනාවරණය විය.

කෙසේවෙතත් සැමියාගේ අවමඟුල් කටයුතු සිදු කළ දාට පසුදිනම ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා වස ශරීරගත කරගෙන මාලඹේ කහන්තොට පාර අරුණ පෙදෙසේ නිවසක් තුළ මියගොස් සිටියදී 31වනදා අලුයම හමු විය.

මෙලෙස මියගොස් ඇත්තේ එම පවුලේ මව වන උදාරි නිසංසලා සේනාරත්න (35) ලොකු පුතා වන ආදිත්‍ය ප්‍රතාප ගුණරත්න (09) දෙවන පුතා වන ආර්ය ප්‍රතාප ගුණරත්න (08) සහ බාල දියණිය වන ආරාධ්‍යා ප්‍රභාවී ගුණරත්න (06) යන අය වෙති.

මෙම පවුලේ පිරිස විදෙස් රටකට යාම සඳහා පොලොන්නරුව ප්‍රදේශයේ තිබූ දේපළ විකුණා දමා එම විදෙස්ගත වීම පිළිබඳව වැඩ කටයුතු සිදු වන තුරු හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක පදිංචිව සිට ඇති බවත් එහි සිටි අතරතුර පියා සයනයිඩ් ශරීරගත කරගෙන සියදිවි හානි කර ගෙන ඇති බවත් අනාවරණය විය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us