සංචාරකයින් 25,000කට අධික පිරිසක් දිවයිනට

Published in පුවත්
Sunday, 07 January 2024 09:44

මේ වසරේ පළමු දින 04 තුළ පමණක් සංචාරකයින් 25,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ජනවාරි මස පළමු වැනි දින සිට 04 වැනි දින දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 25,619 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් වන 5,060 දෙනෙකු රුසියාවෙන් පැමිණ ඇති අතර, ඉන්දියාවෙන් ද සංචාරකයන් 3,333 දෙනෙකු පැමිණ ඇත.

ඊට අමතරව ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ අමෙරිකාව යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පසුගිය වසර තුළ පමණක් සංචාරකයින් දා හතර ලක්ෂ අසූ හත්දහස් තුන්සිය තුන් දෙනෙක් දිවයිනට පැමිණ ඇති අතර, මේ වසරේ එම සංඛ්‍යාව ලක්ෂ 23 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us