subash

subash

මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

දරුණු ආර්ථික අර්බුදයකට සහ මුදල් හිඟයකට මුහුණ පා සිටින කියුබාව මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන මාසයේ සිට ඉන්ධන මිල පස්ගුණයකින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

චීනය සහ ටිබෙට් දේශය අතර පවතින දේශපාලන ව්‍යාකූලත්වය තුරන් කොට දලෙයිලාමාගේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට චීනයට බල කිරීමේ අරමුණින් අමෙරිකාවේ විදේශ කටයුතු කමිටුව ඒකමතිකව පනතක් සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් දේශයෙන් පිටුවහල් වී සිටින එරට ජාතිකයන්ට සිය අනන්‍යතාව රැක ගැනීමට සහාය වීම සඳහා අමෙරිකාව විසින් ටිබෙට් දේශය සඳහා වන ප්‍රතිපත්තියක් ලෙස එම පනත සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අඬපණ වී ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (11) දිනයේ සිට සතියක කාලයක් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කිරීමට අදාලව චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.

පවතින ජල ගැලීම් හේතුවෙන් ඕලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙකුත් සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

ඉන්ධන මිල සියයට 500කින් ඉහළ දැමීමට කියුබානු රජය තීරණය කර ඇති බව එරට අගමැති මැනුවෙල් මැරෙරො කෘස් නිවේදනය කර ඇත. ඒ අනුව පෙබරවාරි මස පළමුවැනිදා(01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමේ.

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේදී අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

විපක්ෂය කුමන ප්‍රචාරයක් ගෙනගියද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි ජනතා විශ්වාසය වැඩිවෙමින් පවතින බව පාර්ශ්ව ගණනවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පැහැදිළිකර දි ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Connet With Us