වැඩ වර්ජන හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු පණගන්වන්න යුද හමුදාව සහායට

Published in පුවත්
Thursday, 11 January 2024 11:49

සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අඬපණ වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් බදුල්ල මහ රෝහලේ රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා යුද හමුදාව කැඳවා ඇත. වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ සේවය හා ඖෂධ නිකුත් කිරීම යනාදිය සාමාන්‍ය පරිදි සිදුකෙරුණු බව ද වාර්තා වේ.

රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසා සිටියේ, රෝහලේ කණිෂ්ඨ සේවක මණ්ඩලය රාත්‍රී සේවා මුරය අවසන් කර පිටව ගොස් ඇති බවත් සෙසු පිරිස රාජකාරියට වාර්තා කර නොමැති බවත්ය.

එසේ වුවත් හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව සිදුවන බව ද පැවසු වෛද්‍යවරයා, වෛද්‍යවරු සියලුදෙනා පැය 24 සේවය සඳහා යොදවා ඇති බවත් පැවසීය.

එලෙස රාජකාරිය සිදුකරනු ලබන්නේ ජීවිත බේරාගැනීමට පමණක් බවත් ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමේ අරමුණින් නොවන බව ද පැවසු රෝහල් අධ්‍යක්ෂවරයා පවසා සිටියේ, අසාධ්‍ය රෝගීන් නිවසේ තබා නොගෙන වහාම රෝහල වෙත රැගෙන එන ලෙසය.

රුපියල් 35,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති එක්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළේය.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් සදහන් කළේ, ඒ අනුව වර්ජනය සඳහා මෙතෙක් එක්නොවූ රෝහල් ලේකම්වරුන්,පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කාර්යය සහයකයන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය අද උදෑසන 6 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවය.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගිය අඟහරුවාදා දිනයේ වැඩවර්ජනයක නිරත වුණි.

වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන් කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ඊයේ (10) දිනයේ ද රෝහල්වල රෝගී සත්කාර කටයුතුවලට දැඩි බාධා එල්ල වුණි.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග එක් නොවන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේය.

-P.Mවැඩ වර්ජන හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු පණගන්වන්න යුද හමුදාව සහායට

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us