සජබයට රනිල් එක්ක බැරි නිසා සාගලව අල්ල ගනී

Published in Gossip
Wednesday, 10 January 2024 12:58

විපක්ෂය කුමන ප්‍රචාරයක් ගෙනගියද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෙරෙහි ජනතා විශ්වාසය වැඩිවෙමින් පවතින බව පාර්ශ්ව ගණනවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පැහැදිළිකර දි ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම නිසා මේ අවස්ථාවේ ජනාධිපතිවරයාට දේශපාලනිකව පහර දීමට යාම පාරා වලල්ලක් විය හැකිබව සජිත් ප්‍රේමදාසට හිතවත් මාධ්‍ය නාළිකාවක් දැනුම්දී තිබේ. එම තත්තවය නිසා ජනාධිපතිවරයාට සෘජුව පහර දීමට සජබ බොහෝ මන්ත්‍රීවරු මැලිකමක් දක්වන බව වාර්තා වේ.

එම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාන්විතය මෙහෙයවන සාගල රත්නායක ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට ස.ජ.බ ට හිතවත් එම මාධ්‍ය නාළිකව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රටේ මතුවන, ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කළ හැකි සෑම සිදුවීමකට සාගලගේ නම සම්බන්ධ කර පුවත් නිර්මාණය කිරිමට මෙම නාළිකව කටයුතු කරමින් සිටිනා බව වාර්තා වේ.

-'සතිය' පුවත් වාර්ථාවකි.

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us