අධිවේගී පිවිසුම අසලදී ගුවන්සේවා නිලධාරිනිය ඝාතනය කල සැකකරු අත්අඩංගුවට

Published in Gossip
Wednesday, 10 January 2024 10:40

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද(10) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය සදහන් කරයි.

ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්වූයේ පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි මා පිටියගේ දුලාංජලී අනුරුද්දිකා නැමැති 42 හැවිරිදි එක් දරු මවක්වන අතර ඇයගේ සැමියා පානදුර රෝහලේ වෛද්‍යවරයෙකි.

ඇය සිවිල් ගුවන් සේවා අධිකාරියේ රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් පැමිණ කහතුඩුව අධිවේගී පිවිසුමෙන් හොරණ කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් කඩුවකින් ගෙලට පහරදී පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. බරපතළ තුවාල ලද ඇය වෑතර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඝාතකයා පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ මූලික විමර්ශනවලදී එය අනුරාධපුර ප්‍රදේශයේ එකක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. අනියම් පෙම් සබඳතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඝාතනය සිදු කළ පුද්ගලයා වීසා උපදේශන ආයතනයක් පවත්වාගෙන යන අයකු බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇත. බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ ගොඩනැඟිල්ලක ඔහුගේ කාර්යාලය පිහිටා ඇති බව ද පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මකය.

 -P.M

Last modified on Wednesday, 10 January 2024 10:41

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us