subash

subash

පසුගිය වසරේ දී මෙරටින් ලාදුරු රෝගීන් 1,550 දෙනෙකු හඳුනාගෙන තිබේන අතර ඉන් 173 දෙනෙකු දරුවන් වන බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කළේය.

හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස ​යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

වෛද්‍ය වෘත්තීයට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනය අද (18) උදෑසන 7.00 න් අවසන් විය.

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (16) සිට අද (17) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,024ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෘහ සේවකයන් ලෙස බඳවා ගැනීමේදී අය කරනු ලබන ගාස්තු අඩු කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබේ.

බන්ධනාගාරගත කරන රැඳවියන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

කොවිඩ්-19 පරීක්ෂණ කට්ටල අධික මිලකට විකිණීමේ චෝදනාවකට සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට වසර 18 ක සිර දඬුවමක් නියම කළ පුවතක් වියට්නාමයෙන් වාර්තා වෙනවා.

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 05 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

Connet With Us