subash

subash

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හියුමන් ඉමියුනොග්ලොබියූලීන් පිළිබදව දුන් ප්‍රකාශට අදාළව විමර්ශන කණ්ඩායම් විසින් ආයතන කිහිපයකින් අවශ්‍ය ලිපිගොනු තොගයක් ඉල්ලා තිබේ.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම අද (23) සිට ආරම්භ කෙරේ.

සමාජයේ දැඩි කතාබහට ලක්වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත් සම්මුඛ සාකච්ඡාවකදී 'ජ.වි.පෙ. අද රට හදන්න යන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් මුදල් උපයලාදැයි' කළ ප්‍රශ්න කිරීමේදි ඔහු සඳහන් කරන්නේ,

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ 2.8% සිට 2023 දෙසැම්බර් මාසයේ දී 4.2% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.

අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ. රෝයල් බීච් සමන් යනුවෙන්ද මොහුව හැඳින්වේ.

ඊශ්‍රායල ප්‍රහාර අතරතුර ගාසා තීරයේ පුද්ගලයින් 25,000කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව හමාස් සෞඛ්‍ය අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලංකා විදුලි බලමණ්ඩල වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිතය.

Connet With Us