O/L අයදුම්පත් කැඳවීම අද සිට

Published in පුවත්
Tuesday, 23 January 2024 07:58

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම අද (23) සිට ආරම්භ කෙරේ.

අද සිට ලබන 15 වැනි දා දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයැදුම්පත් කැඳවීම සිදු කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව සියලුම පාසල් අයැදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද පෞද්ගලික අයැදුම්කරුවන් පෞද්ගලිකවම ද අදාළ උපදෙස් අනුව අයැදුම් කළ යුතු බව සඳහන් වේ.

මෙවර පෞද්ගලික අයැදුම්කරුවන් විභාගයට අයැදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කර ඇත.

ජාතික හැඳුනුම්පත නොමැති වයස අවුරුදු 15 ට අඩු විභාග අපේක්ෂකයින්, ඒ සඳහා අයැදුම් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට අනිවාර්යයෙන් පැමිණිය යුතුය.

කිසිදු හේතුවක් මත අයැදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us