කෙහෙළියගේ immunoglobulin ප්‍රකාශයට අදාළව පාර්ලිමේන්තුව ඇතුළු ආයතන කිහිපයකින් ලිපිගොනු කැඳවයි

Published in පුවත්
Tuesday, 23 January 2024 08:19

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හියුමන් ඉමියුනොග්ලොබියූලීන් පිළිබදව දුන් ප්‍රකාශට අදාළව විමර්ශන කණ්ඩායම් විසින් ආයතන කිහිපයකින් අවශ්‍ය ලිපිගොනු තොගයක් ඉල්ලා තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව, කැබිනට් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යන ආයතනවලින් ලිපිගොනු ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අවශ්‍ය ලිපිගොනු තොගයෙන් 90% ක් පමණ විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙතෙක් නොලැබුණු ලිපිගොනු කඩිනමින් ලබා දෙන්නැයි ද අදාළ ආයතන වෙත දැනුම් දී ඇති බවයි.

සියලු ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් පසු ඉදිරි විමර්ශන වෙත කණ්ඩායම් යොමු වනු ඇති අතර අවශ්‍ය වුවහොත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් යළි ප්‍රකාශ ලබා ගන්නා බව ද නීතිපති දෙපාර්තමේන්තුව පැවසීය.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියූලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන්, විමර්ශන ක්‍රියාත්මක වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශන ක්‍රියාත්මක වේ.

මේ අතර, ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියූලීන් ඖෂධ නිෂ්පාදනය කළ බව කියන සීදුව, අමන්දොළුව ප්‍රදේශයේ පිහිටි සමාගම ඊයේ පරීක්ෂාවට ලක් කෙරුණි.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින්ය.

පොලීසිය පැවසුවේ, එම අවස්ථාවට දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සමාගමේ හිමිකරු ද සහභාගීකරවා ගත් බවයි.

ඒ, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතවයි.

මීට පෙර අවස්ථාවක ද නිෂ්පාදන කර්මාන්තශාලාව පරීක්ෂා කිරීමකට විමර්ශන කණ්ඩායම පැමිණ නමුත් විදුලි විසන්ධි වීමක් මත එම කටයුතුවලට බාධා එල්ල විය.

පොලිසිය පැවසුවේ, ඒ හේතුවෙන් ඊයේ සිදු වූ පරීක්ෂාවට පෙර විදුලිබල මණ්ඩලය පැමිණි තාවකාලිකව විදුලිය ලබාදීමට කටයුතු කළ බවයි.

පරීක්ෂාකිරීම් වලින් පසු එහි පරිගණක කිහිපයක්, ආරක්ෂිත කැමරා පද්ධතියට සම්බන්ධ කර තිබූ දත්ත ගබඩාව සහ ලිපිලේඛන තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැණුනි.

 -P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us