මතභේදයකට තුඩු දුන් Online Safety පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තු විවාදයට

Published in පුවත්
Tuesday, 23 January 2024 07:50

සමාජයේ දැඩි කතාබහට ලක්වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඒ, පාර්ශ්ව රැසක් මේ පනත් කෙටුම්පත පිළිබඳව දැඩි විරෝධයක් එල්ල කරන පසුබිමක් තුළයි.

පනත් කෙටුම්පත අද සහ හෙට විවාදයට ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ද හිමි විය.

නමුත් කාරක සභාව නියෝජනය කරන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අවධාරණය කර තිබුණේ, කෙටුම්පත තවදුරටත් අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බැවින් සම්මත කර ගැනීම කල් දැමිය යුතු බවයි.

පාර්ලිමේන්තුව අද (23) පෙරවරු 09.30 ට රැස්වීමට නියමිත වේ.

මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා හෙට ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇති.

-P.Mමතභේදයකට තුඩු දුන් Online Safety පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තු විවාදයට

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us