මෙම සාකච්ඡාව පවත්වනු ලබන්නේ විදුලි බලමණ්ඩල සේවකයින් පිරිසකගේ වැඩතහනම් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ පිළිබඳවයි .
ලංකා විදුලි බලමණ්ඩල වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා මෙරට සියලු කේෂ්ත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව අද උදෑසන මරදාන ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතය.
මේ අතර අද උදෑසන 07ට ලංකා විදුලි බලමණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අත්පත්රකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.
එමෙන්ම අද දහවල් 12ට සිවිල් සංවිධාන ලංකා විදුලි බලමණ්ඩල මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද සිදුකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
-P.M