වියට්නාම සෞඛ්‍ය ඇමති වසර 18 ක් හිරේට

Published in විදෙස්
Wednesday, 17 January 2024 10:07

කොවිඩ්-19 පරීක්ෂණ කට්ටල අධික මිලකට විකිණීමේ චෝදනාවකට සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට වසර 18 ක සිර දඬුවමක් නියම කළ පුවතක් වියට්නාමයෙන් වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 2020–2022 අතර කාලය තුළ වියට්නාමයේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු තවත් 37 දෙනෙකුට මෙම චෝදනාව එල්ල වී ඇති බවයි.

අදාල සෞඛ්‍ය ඇමතිවරයාට ඩොලර් මිලියන 2.25ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා එල්ල වුණා.

එමෙන්ම කොවිඩ්-19 පරීක්ෂණ කට්ටල වැඩි මිලට විකිණීමට රාජ්‍ය අරමුදල් සහිත පර්යේෂණ ඒකකයක් පත් කිරීමට නිලධාරීන් සමග හවුල් වූ බවට දේශීය සමාගමකට ද චෝදනා එල්ල වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සියලු චෝදනාවලට සෞඛ්‍ය ඇමතිවරයා අදාල නඩු විභාගයේදී තම වරද පිළිගෙන තිබෙනවා.

එකී ජාවාරමට සම්බන්ධ සියල්ලන්ටම එරෙහිව ද නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට වියට්නාම රජය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ ලේකම් හට වසර 9ක සිර දඬුවමක් ද , හිටපු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාට වසර 3ක සිර දඬුවමක් ද , හිටපු පළාත් පක්ෂ කමිටු ලේකම්වරයෙකුට වසර 5ක සිර දඬුවමක්ද නියම කර තිබෙනවා

මේ අතර , විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට වසර 14ක් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂකට වසර 8ක් සහ තවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකුට වසර 7ක සිර දඬුවමක් ද හිමි ව තිබෙනවා

මේ අතර, මෙම වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයාට වසර 29 ක සිර දඩුවමක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

කෙසේ වෙතත්, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබා දී ඇති දඬුවමේ සැහැල්ලු බවක් පෙනෙන්නට ඇති බව එක්සත් ජනපදයේ නීතිඥයෙකු සඳහන් කරනවා

ඒ, වියට්නාමයේ 2015 දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන ආකාරයට ඩොලර් 40,000 අල්ලසක් ලබා ගන්නා පුද්ගලයෙකුට අවම වශයෙන් වසර 20 ක සිර දඬුවමක් ලබා දිය යුතු බව පෙන්වා දෙමින්.

 -P.M

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us