ලාදුරු වැඩිම දරුවන්ට

Published in පුවත්
Thursday, 18 January 2024 09:15

පසුගිය වසරේ දී මෙරටින් ලාදුරු රෝගීන් 1,550 දෙනෙකු හඳුනාගෙන තිබේන අතර ඉන් 173 දෙනෙකු දරුවන් වන බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ලාදුරු රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 315 දෙනෙකු වේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 168 දෙනෙක් ද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 151 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 116 දෙනෙකු වශයෙන් හඳුනාගෙන ඇති බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කළේය.

මේ අතර දරුවන් අතර ලාදුරු රෝගය තුරන් කිරීමට නම් දරුවන් සහිත පවුල්වල ලාදුරු රෝගී වැඩිහිටියන් නැති බව තහවුරු කර ගත යුතු බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසුවේ, දරුවන් අතර ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා මේ වසරේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවය.

"අපේ රටේ සාමාන්‍යයෙන් ලාදුරු රොගීන් 1,500ක් 2,000ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. මෙයින් 10%ක් පමණ වයස අවුරුදු 14ට වඩා අඩු දරුවන්. සෑම වර්ෂයකම මේක වාර්තා වෙද්දි ලාදුරු තියෙන ළමයින් සොයා ගැනීමෙන් පමණක් අපිට ලාදුරු තුරන් කිරීම අපහසුයි. ළමයින්ට තවත් ළමයෙකුගෙන් ලාදුරු බෝවෙන්නේ නෑ. ළමයින්ට හැදෙන ලාදුරු 90%ක්ම බෝ නොවන ලාදුරු. ළමයින්ට බෝවෙන්නේ වැඩිහිටියන්ගෙන්. මේ වසරේ අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා, දෙමව්පියන්ගේ පැත්තෙන් හෝ පවුල්වල ලාදුරු නෑ කියන එක ගැන සැලකිලිමත් වෙන්න. එහෙම තියෙනවා නම් ඒ අය ලාදුරු පරීක්ෂාවකට ඇවිල්ලා සමේ රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීම ආරම්භ කළොත් අපිට පුළුවන් ඉක්මනින් ළමයින්ට ලාදුරු බෝවීම නැති කරන්න."

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us