IMF නියෝජිතයින් අද (11) සිට සතියක් පුරා සාකච්ඡා

Published in පුවත්
Thursday, 11 January 2024 11:21

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (11) දිනයේ සිට සතියක කාලයක් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

මෙම (IMF) නියෝජිතයින් පිරිස ඊයේ (10) රාත්‍රියේ දිවයිනට පැමිණීයා .

මෙරට ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳ අධ්‍යයනය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ප්‍රධාන අරමුණ වේ.

ඔහු පෙන්වා දෙන්නේ එම නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ , මුදල් අමාත්‍යාංශය, මහ බැංකු නියෝජියින් ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීමත් සමඟ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම මෙම නියෝජිතයින් විසින් සිදු කිරිමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කර ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us