ටිබෙට් ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අමෙරිකාවෙන් පනතක් සම්මත වෙයි

Published in විදෙස්
Thursday, 11 January 2024 11:59

චීනය සහ ටිබෙට් දේශය අතර පවතින දේශපාලන ව්‍යාකූලත්වය තුරන් කොට දලෙයිලාමාගේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට චීනයට බල කිරීමේ අරමුණින් අමෙරිකාවේ විදේශ කටයුතු කමිටුව ඒකමතිකව පනතක් සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් දේශයෙන් පිටුවහල් වී සිටින එරට ජාතිකයන්ට සිය අනන්‍යතාව රැක ගැනීමට සහාය වීම සඳහා අමෙරිකාව විසින් ටිබෙට් දේශය සඳහා වන ප්‍රතිපත්තියක් ලෙස එම පනත සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වොෂින්ටන් නුවර කේන්ද්‍ර කරගත් ටිබෙට් දේශය සඳහා වන ජාත්‍යන්තර ප්‍රවර්ධන උපදේශන මණ්ඩලයට අනුව අමෙරිකාවේ විදේශ කටයුතු කමිටු රැස්වීමට අමෙරිකාවේ සිටින ටිබෙට් ජාතිකයන් ද සහභාගි වී ඇතැයි වාර්තා වේ.

මීට පෙර එම පනත 2020 වසරේ ජනවාරියේදී අමෙරිකානු මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 392-22ක් ලෙස සම්මත වී තිබූ බවත්, එම වසරේදීම දෙසැම්බරයේදි එය කොංග්‍රස් මණ්ඩලයෙන් අනුමත කර තිබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

 -P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us