subash

subash

ඩෙංගු රෝගය ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන පිරිසිදු කිරීම සඳහා අද (10) දිනය යොදා ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව යන තේමාවෙන් අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් අද (10) පෙරවරු 8.00 සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා අද (10) මෙරටට පැමිණීමට නියමිත වේ.

යේමනයේ  Houthi (හූති) සංවිධානය විසින් රතු මුහුදේ නාවික ගමනාගමනයට බාධා කරමින් එල්ල කරන ප්‍රහාර හමුවේ කොළඹ වරායේ බහාලුම් පර්යන්තවල දෛනික ප්‍රති නැව්ගතකිරීම් පරිමාව සියයට 80කින් පමණ ඉහළ ගොස් බව වාර්ථා වෙයි.

වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින්ට බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය (TIN) නිකුත් කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙනම කවුන්ටර විවෘත කරන ලෙස මුදල් අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ආදායම් බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා පියවර ගැනීමට තමන් සූදානම් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) පවසයි.

රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුණහොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

2025 වසරේ දී සංචාරකයින් මිලියනයක් ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සැලසුම් කරඇති අතර, ‘Ni Hao Zhong Guo’ වැඩසටහන යටතේ චීනයෙන් පැමිණෙන ජාත්‍යන්තර අමුත්තන්ගේ ගලා ඒම වැඩි කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව කටයුතු කරමින් තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

Connet With Us