හූති ප්‍රහාරයන් නිසා මැද පෙරදිග කලාපයේ ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථාන ලෙස කටයුතු කරන වරාය වෙත ගමන් කිරීම සීමා කර ඇති විශාල නැව් සිය ප්‍රතිනැව්ගත කිරීම සඳහා කොළඹ වාරාය තොරාගැනීම මෙයට හේතුව වී ඇත.
සාමාන්‍යයෙන් දිනකට අඩි විස්ස බහාලුම් ඒකක 5,000 සිට 6,000 දක්වා පාලනය වන ශ්‍රීලංකා වරාය අධිකාරියට අයත් බහාලුම් පර්යන්තවල දෛනික පරිමාව ඒකක 8,000 සිට 9,000 දක්වා ඉහළ ගොස් ඇති බව අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් පවසයි. වරායේ අනෙකුත් පර්යන්තවල ද එවැනිම ප්‍රවණතා දක්නට ලැබෙන බව ද ඔහු පෙන්වා දෙයි.
වරාය අධිකාරිය යටතේ හි ජායා සහ නැගෙනහිර පර්යන්ත පාලනය වන අතර ඒවා වරායේ බහාලුම් ගමනාගමනයෙන් සියයට 30 ක් පමණ හසුරුවයි.
විශාලතම නැව් හැසිරවිය හැකි චීනයේ CM Ports සමූහය විසින් පවත්වාගෙන යනු ලබන 'කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය' සහ ජොන් කීල්ස් සමාගම යටතේ වන සතු සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් අතර ඉතිරි සියයට 70 ක බහාලුම් හැසිරවීම සිදුවේ.
මේ වන විට ලෝකයේ විශාලතම නැව් සමාගම් වලට අයත් නැව් වලට රතු මුහුද සහ සූවස් ඇළ මඟහැර මැද පෙරදිග වරායවලට නොපැමිණ අප්‍රිකාවේ දකුණු කෙළවර වටා යෑමට සිදු වීම නිසා එම බහාලුම් කොළඹ වරායේ ගොඩබා කුඩා නාවික යාත්‍රාවලින් එම බහාලුම් මැදපෙරදිග කලාපයට විශේෂ ආරක්ෂාව සමඟින් යාත්‍රා කරයි. .
කෙසේ නමුත් කොළඹ වරායට මේ අමතර වාසිය ලැබුණද බහාලුම් ගබඩා පහසුකම් සීමා වීම නිසා මෙම අවස්ථාවේ උපරීම ප්‍රයෝජනය ගැනීම සීමා වී ඇති බවත් වාර්ථා වෙයි.
මේ අතර යුරෝපය දෙසට වන නාවික මාර්ගය මේ වන විට අප්‍රිකාව වටා යෙදීම මත අමතර දින ගනනක් සහ ප්‍රවාහන වියදම වැඩි වීම නිසා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ ආනයනකරුවන් ගේ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද ඉහළ ගොස් ඇත. එම තත්වය මෙරටට පමණක් නොව මෙම කලාපයේ සියළුම රටවලට මුහුණ දීමට සිදු ඇති තත්වයකි. මේ අනුව ප්‍රමාදයන් සහ භාණ්ඩ මිළ ඉහළ යෑමේ අනතුරක්ද පවතී.
2023 වසරේ දී කොළඹ වරාය සමස්ථ බහාලුම් හැසිරවීම මිලියන 6.951ක් වාර්ථි වන අතර එය 2022 වසරට වඩා සියයට 1.17කින් ඉහළ යෑමකි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිමාව බහාළුම් මිලියන 1.925 දක්වා සියයට 2 කින් වර්ධනය වී ඇත.