රතු මුහුද හරහා මෙරටට නැව් නාවොත් දැවැන්ත පාඩුවක් - ජනපතිගෙන් අනතුරු ඇගවීමක්

Published in පුවත්
Tuesday, 09 January 2024 10:26

රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුණහොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මනූෂ නානයක්කාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු කිහිපදෙනෙකු අද පෙරවරුවේ මුණ ගැසුණු අවස්ථාවේදීය.

මහා පාරාක්‍රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය බවද ,රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීමට වැය වන මුදල දෙස බලා එම කටයුත්තෙන් ඉවත් වුවහොත් මෙරටට නැව් නොපැමිණීමෙන් දැවැන්ත පාඩුවක් රටට දැරීමට සිදුවන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

රතු මුහුදට ලංකාවේ යුද නැව් යවන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂව සැපයීමට මිසක රාජ්‍යන් අතර ඇතිව තිබෙන යුද්ධයන්ට සහායදීමට නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.

තම රටවලට එන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව සැපයීමට කලාපයේ අනෙකුත් රටවල් ද මේ වන විටත් ඉදිරියට පැමිණ තිබෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

හූති සටන්කාමීන් නිසා මේ වන විට බොහෝ නෞකා රතු මුහුද මඟහැර වෙනත් මාර්ග භාවිත කිරීම නිසා නෞකා ප්‍රවාහන ගාස්තු ඉහළ දමා ඇති බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ වරායට නෞකාවක් පැමිණීමට දකුණු අප්‍රිකාව වැනි රටවල් දෙසට ගොස් පැමිණීමට සිදුවන බැවින් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ යාමට ඉඩ ඇති බවද පෙන්වා දුන්නේය.

මීට අවුරුදු එකහමාරකට පෙර ඉන්ධන නෞකාවක් එනතුරු මඟ බලා සිටි රටක් වූ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නෞකා යවන තත්ත්වයට පත්ව තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

හූති වැඩ කටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් කීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us