පසුගිය දිනක අග්බෝ ඇතා තිරප්පනේ ප්රදේශයේ බොහෝ වගා බිම් විනාශ කිරීම මත එම තීරණය ගත් බවයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව දැනට අග්බෝ ඇතා රැඳී සිටින උලගල්ල වැව වටා එම විදුලි වැට ඉදිකෙරෙනු ඇති.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විටත් අග්බෝ ඇතාගේ වම් කකුලෙහි පවතින වෙඩි වැදීම් තුවාලය සම්පුර්ණයෙන් සුව වී නොමැති බවයි.
-P.M