subash

subash

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි. තුන්වැනි පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ පෙබරවාරි මස පළමු වැනිදා ය.

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 9 වැනි දිනටත් පැවැත්වෙයි.

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ලබන ජනවාරි 15 වැනිදා විදුලිබිල අඩු කිරීමේ යෝජනා ලබා දෙන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් එරට ලොකු ලූනු තොග මිල සියයට 50 කින් පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.

පොලිසිය විසින් නීතිවිරෝධී මත්ද්‍රවය වැටලීම් සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ සැකකරුවන් 2,008ක් අත්අඩංගුවට ගෙන ඇත.

2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට 22 වන සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

-P.M

අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු ලබා දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ (20 ) නියෝග කළේය.

ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ලූනු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක් රුපියල් 600 බැගින් හෙට සිට විකුණන ලෙසත් ඉන්දියාවේ සිට ලොකු ලූනු එවන ව්‍යාපාරිකයන් දැනුම් දුන් බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග අලෙවි කරන වෙළෙන්දෝ පවසති.

මේ වසරේ සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 26කට අධික මුදලක් දඩ වශයෙන් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

Connet With Us