subash
රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ.
ඇෆ්ගනිස්තානයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ එරට අඩු ආදායම්ලාභී පවුල්වල විවාහ 50ක් එකම දිනයේදී සිදු කිරීමට එරට සුබසාධන ආයතනයක් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
රනිල් එනවා නම් සජිත්ට මොකද වෙන්නේ ? ධම්මිකට මොකද වෙන්නේ?
සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඊයේ(26) ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.
ආණ්ඩුව මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනයට ගන්නා උත්සාහයට මහින්දගෙන් තුති
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගෙනයන ක්‍රියාදාමය ඉතාම යහපත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පවසයි.
සිරිපා වන්දනා සමය තුළ සිදු කළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය මඟින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රධාන කරුණු 10කින් එය සමන්විත වේ.
ඔන්ලයින් ආසන වෙන් කිරීමේ සේවාවෙන් රු.කෝටි තුනහමාරක ආදායමක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීමේ සේවාව සඳහා ඉදිරි වසරේ සුඛෝපභෝගී බස් රථ 200ක් එක් කිරීමට කටයුතු කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් පැවැසීය.
පැල්පත්වාසීන්ට නිවාස ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක්
කොළඹ පැල්පත් නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුම අද සිට පෙර පරිදිම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම විශේෂ කමිටුවක්
ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
