“මං හිතන්නෙ හොඳම වැඩක් ඒක මේ ආණ්ඩුව කරන. මත්ද්‍රව්‍යයෙන් තමයි මේ රටම විනාශ වෙන්නෙ. තරුණ පරපුර නැතිවෙලා යනවා. ඉතින් ඒක හින්දා මත්ද්‍රව්‍ය වැටළීම, ඇල්ලීම ඉතාම යහපත් ක්‍රියාවක්”
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම අද සිට පෙර පරිදිම ක්‍රියාත්මක වේ.
නත්තල වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හේතුවන් ඊයේ හා පෙරේදා යුක්තිය මෙහෙයුමේ සෝදිසි කිරීම් සීමා කෙරුන අතර යුක්තිය මෙහෙයුමේදී සතියක් තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව, 13,666 ක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 717 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ගෙන ඇත.
-P.M